twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

මල් කැකුලකට ජීවිතය දෙමු


මාස ගානකට පස්සෙ blog එක පැත්තට ආවෙ....ආපු ගමන් ඔයාලට කියන්න යන්නෙ පුංචි මල් කැකුලකට ජීවිතේ දෙන්න කරන වෙනස් විදිහේ සටනක් ගැන......මේක කියවලාම ඉන්නකෝ.....

මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.
ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.



එදා ඉදල ඒ ගැන හොයපු නිලුෂ පසුගිය බ්‍රහස්පතින්දා (29/03/2012) එයාගෙ නිවස රුපියල් ලක්ෂ 4කට උගස් කරල යාලුවන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 2ක් අරගන දුවවත් අරගෙන ඉන්දියාවට ගියා. එහෙදි තමයි දැනගන්න ලැබුනෙ රුවින්දිගෙ අක්මාවෙ තැන් 7කින් ඒ වෙනකොටත් ලේ ‍යන්න පටන් අරගන තිබිල තියෙන්නෙ. එයාට බෙහෙත් කරන ඉන්දියාවෙ Global රෝහලේ Dr.Mohamed Relaමහත්මය ඇතුලු වෙද්‍ය කණ්ඩායම එන්නත් 7ක් විදල තාවකාලිකව ඒ ලේ ගැලීම නවත්වල තිබුන. හැබැයි ඒ සති 3කට විතරයි. ඒ අය කියන විදියට ඒ සති 3 ඇතුලත රුවින්දිට එයාගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි අක්මාවෙන් ගත්ත කොටසක් අරගන බද්ද කරන්න ඕන. එහෙම නැති උනොත් රුවින්දිගෙ ජීවිතය නැතිවෙනව.

මේ සැත්කමට රුපියල් ලක්ෂ 70ක් විතර වියදම් වෙනව. රුපියල් ලක්ෂ 70 ක් කියන්නේ රුවින්දිගෙ තාත්ත නිලුෂට හිතන්නවත් බැරි තරම් ලොකුම ලොකු මුදලක්. අපි හැමෝම එකතු වුනොත් මේ පුංචි සුරංගනාවිය සනීප කරලා ලංකාවට එක්ක එන්න පුළුවන්. ඒත් අපි උදවු නොකොළොත් තව සති 3ක් නැත්නම් මාසයක් යනකොට ඒ පුංචි සුරංගනාවිය අපිව දාල යන්නම යනවා. අපි කාටද පුළුවන් පුංචි කිරිසප්පයෙක් අපිව දාල යනකල් බලන් ඉන්න?
කරුණා කරලා ඔබට පුළුවන් ආධාරයක් කරන්න. ඔබ දෙන පුංච් රුපියල් 10 හරි රුවින්දිට මේ වෙලාවෙ ගොඩක් වටිනව.  පුංචි රුවින්දි සනීප වෙලා හිනාවෙන දවසට අපිට කොයිතරම් නම් සතුටු වෙන්න පුලුවන්ද?
මේ රුවින්දිගෙ තාත්තගෙ දුරකථන අංකය - (+94) 776280952
නිලූෂගෙ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනුත් විස්තර දැන ගන්න පුලුවන් - පූජ්‍ය රන්මුතුවැවේ විජිතවංශ හිමි - (+94) 332255738


මෙතනින් ගිහින් වැඩි විස්තර බලාගන්න පුලුවන්.
මෙතනත් විස්තර තියනව.
Commercial Bank - Waliweriya. 8228000547 ගිණුම් අංකයට පුළුවන් කැමති ආකාරයකින් මුදල් තැන්පත් කරන්න.



මේ ඉන්නෙ රුවින්දි රෙහන්සා
Inline image 1


මේ රුවින්දි අම්මයි තාත්තයි එක්ක


Inline image 2



පහල තියෙන්නෙ වෙද්‍ය වාර්තා
Inline image 1




Inline image 2

Inline image 3

Inline image 4

Inline image 5


Inline image 6




Inline image 7



Inline image 8





Inline image 9




Inline image 10




Inline image 11





Inline image 12







Inline image 13



Inline image 14


වැඩි විස්තර සඳහා  මේ  web link එකට යන්න

මේ facebook page එක https://www.facebook.com/littleruvini


අපි හැමෝම එකතු උනොත් මේ පුංචි පැටියා හිනාවෙන හෙට දවසට අපි හැමෝටම සතුටු වෙන්න 
පුලුවන්..අපි එක ජීවිතයක් හරි බේර ගන්න උදව් උනා කියලා......



3 comments:

newton edirisinghe said...

අපි එකතු වෙලා කොහොම හරිඇයව බේරා ගමු.

newton edirisinghe said...

මේ සත් ක්‍රියාවට එකතු වෙමු

Anonymous said...

pls help the baby

Post a Comment