හුඟ දවසකට පස්සෙ තවත් ලිපියක් ලියන්න හිතුනා.මම පුංචි කාලෙ ඉඳල හුඟාක් ආස කරපු ලස්සන ගීතයක් තිබුනා....වචන වල සැබෑ අර්තය හරියටම නොතේරුනත් ඒ ගීතයේ තාලය පුදුම විදිහට මගේ හිත ඇද බැඳ ගත්තා....මේ ලිපිය තුල සඳහන් වෙන ගීතයේ අර්තය 100% ම නිවැරදිද කියන එක හරියටම දන්නෙ නෑ....නමුත් මේ සඳහන් වන අර්තය ගීතයේ පද මාලාවත් එක්ක ගැලපෙනව කියල මට හිතෙන නිසා ඔයාලටත් කියවන්න දෙන්න හිතුනා.....අදහස උපුටාගත්තෙ මූනු පොතේ එක්තරා ලිපියකින්...කියවල බලන්න...මීට වඩා වෙනස් අදහස් තියෙනවනම් කොමෙන්ටුවක් විදිහට අදහස් දක්වන්න කියල සියලුම පාඨක හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.......
සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.
සදකඩ පහණ
සදකඩ පහණ
කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...
සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,
සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,