twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

මතක හිටින දවසක්

මචං මම මේ මග....එන ගමන් ඉන්නේ...

පැයක් ඇතුලත මට  බෝකයගෙන්  12 වෙනි වතාවටත් එකම උත්තරය හම්බ උනා. යකෝ මේ 2km එන්න මුට මෙච්චර වෙලා යනවද? .මට පෙන්නේ මු තාම ඇඳේද කොහෙද ඉන්නේ.ඒ උනාට ඊයේ රෑ මට කතා කරලා කිව්වෙනම්.....

” හරියට උදේ 7.45 වෙනකොට දම්රෝ එක ගාවට වරෙන්. නැත්නම් උඹව දාල යනවා. ” කියල.

ඒ උනාට 9 වෙනකනුත් මු නෑ.මම කෝකටත් කියල හෙමින් සැරේ දම්රෝ එක පැත්තට ගියා. ඈතදීම මං දැක්කා car 2-3ක් පාර අයිනේ නවත්තලා තියෙනවා.අපේ උන් ටික තමයි. එතන ඉඳන් හතර වටේටම call කරලා කට්ටියම එකතු කරගත්තා. ඒ අස්සේ කවුද අන්කල් කෙනෙක් තරිඳුනිගෙන් අහනවා “ Teledrama එකක් shoot කරනවද...? ” කියලා. සමහරවිට අන්කල් කාරයට තරිඳුනිව නිකන් දෙනවක හාමිනේ වගේ පෙනුනද දන්නෑනේ.



කොහොමහරි අපි හොටෙල් එකට යනකොට 10 විතර උනා. Kadolana Eco Village. කඳු බෑවුමක නිර්මාණය කරලා තිබුණු හොටෙල් එකේ පහල පෙදෙස මායිම් වෙලා තිබුනේ මාදු ගඟෙන්.හරි ලස්සන, නිදහස් තැනක්. 





ටිකක් වෙලා ගිමන් හැරපු අපේ කොල්ලෝ ටිකනම් ඉක්මනටම ප්‍රධාන ක්‍රීඩාව පටන් ගත්තා.ඒ අතරේ කෙල්ලන්ටත් සහභාගිවෙලා විනෝද වෙන්න පුළුවන් විදිහේ ක්‍රීඩාවන් ටිකකුත් සංවිධානය කරන්න අමතක කරලා තිබුනේ නෑ. 




ඒ අතරේ හොඳ calypso band එකකුත් ලස්සන සින්දු ටිකක් කිව්වා. ටිකක් වෙලා යනකොට band එකට වඩා හයියෙන් අපේ උන් සින්දු කියනවා.


 කොහොමහරි මුළු දවසම බොහොම විනෝදෙන් ගතකලා. ඔය ජරමර අස්සේ තව සමහර අයට නොයෙකුත් කයි කතන්දරත් හදුනා. කොහොමත් අපේ සෙට් එක එකතු උන තැන හැමදාමත් සිනහව , සතුට , විනෝදය කියන දේවල් උතුරන්න තියෙනවා.. 

හවස් වෙනකොට කොල්ලෝ ටික pool එකේ. ලෙස්ලියා මාර ට්‍රයි එකක් දුන්නා මාවත් වතුරට දාන්න. ඒ ට්‍රයි එක අස්සේ මාව නාවන්න ගහපු වතුර වලින් කට්ටියගේ අලුත්ම smart phone තුන හතරකුත් හොඳට නා ගත්තා. 


කොහොමහරි හවස තේ පැන් සංග්‍රහයත් බුක්ති විඳලා අපි හොටෙල් එකෙන් පිට වෙනකොට 6 ත් පහුයි. හරි ලස්සන දවසක සුන්දර මතක සටහන් ගොන්නක් එක්ක මමයි සුනන්දයි බෝගහ හන්දියෙන් බැස්සා. හොටෙල් එකෙන් පිටවෙනකොට හතර පස් දෙනෙක්ම මට කිව්වේ ....” මචං ලස්සන පොටෝ ටිකකුත් එක්ක හොඳ ආර්ටිකල් එකක් ලියල ඉක්මනට දාපන් හොඳේ ” කියල. මං ලොකු ලේඛකයෙක් නෙමෙයි. නමුත් මට පුළුවන් විදිහට ඔන්න ඒ ඉල්ලීමත් ඉෂ්ට කළා.

ඉතින් මේ post එකත් එක්ක ඔන්න නැවත වතාවක් Blog එක සක්‍රිය කරනවා.අවසාන වශයෙන් කියන්නම ඕන දෙයක් තියෙනවා.මං දන්නවා මේ වෙනකොට මේ ගමන සංවිදානය කරපු අයට එන ප්‍රධානම චෝදනා තමයි
“ අපි දන්නෑ..... අපිට කිව්වේ නෑ.......අපිව හැලුවනේ....”  

වගේ ඒවා. මෙන්න මේ වගේ කතා කියන අයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

“ බුලත් දීල ආරාධනා කරන්නේ අනුන්ගේ දේවල් වලට. මේක අපේ වැඩක්, ඒ නිසා ඊළඟ පාරවත් මෙහෙම දෙයක් ආරංචි උනාම පොඩ්ඩක් අපට call එකක් දීලා සෙට් වෙයල්ලා. ”

මේ ගමනේ ෆොටෝ බලන්න පුළුවන් මෙන්න මෙතනින් : Photo Album

මේ පොටෝ එක දාන වෙලාවේ ලස්සන පරණ සින්දුවක් මතක් උනා....එකෙන් පද පේලි කිහිපයක් සටහන් කරන ගමන්ම එහෙමනම් මම ගිහින් එන්නම්. ආයෙත් දවසක හම්බවෙමු.

................................................................................................................................................
ගලේ කෙටු ඉර සේ....මලේ රේණු විලසේ....
බිතු සිතුවම් රූ විලසේ....අපි ඉන්නේ එකට බැඳී...

යාළුවො අපි යාළුවො එක පොකුරේ මල් වාගේ
යාළුවො අපි යාළුවො එක රෑනේ තරු වගේ
යාළුවො අපි යාළුවො....සැමදා අපි එක වාගේ.....

2 comments:

Tharinduni said...

හැමදාමත් වගේ ලස්සන blog එකක් ලියුවට Thank U soo much හොඳේ

අරුණ හෙට්ටිආරච්චි said...

//හවස තේ පැන් සංග්‍රහයත් බුක්ති විඳලා අපි හොටෙල් එකෙන් පිට වෙනකොට 6 ත් පහුයි.//
ඇත්තටම තොපිට තේ පැන් බොන්නත් පුළුවන් කමක් තිබ්බද හවස් වෙනකොට,

මේ හැම මගුලක්ම අත ඇරලා පැත්තකට වෙලා ඉදලා ආයේ ආව ගමන් දැක්කේ මේක. මොනවා උනත් ජය වේවා සෙට් එකටම

Post a Comment