twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

Share කරන්න

මේක මටත් මගේ යාලුවෙකුගෙන් ලැබුනු මේල් එකක තිබුනු දෙයක්...ඔයාලටත් කියවන්න දෙන්න හිතුනා



මව්කිරි සුවඳ විඳින්ටත්,

මියෙන දරුවන් රකින්ටත්,

දැවෙන මිනිසුන් නිවන්ටත්,

සහජීවනේ වැඩෙන්ටත්,

Share කරන්න...

නිලම්බරේ



Koggala Nilame | කොග්ගල නිලමේ Part 2

කලින් දවසක ඔයාලට මේ පොතේ පලවෙනි කොටස දුන්නා.67 දෙනෙක් ඒ post එක බලල, 24 දෙනෙක් Download කරගත්තට Comment එකක් දාල යන්න තරම් කාරුනික උනේ තුන්දෙනයි... :(
ඒකට කමක් නෑ........ඔයාලට කියවන්න වටින දෙයක් දුන්න කියන හිතේ සතුට මට තියෙනවා.....ඔන්න එහනම්..කොග්ගල නිළමේ දෙවෙනි කොටස.....


මේ පොතේ තුන්වෙනි කොටස කාගෙ හරි ගාව තියෙනවනම් මටත් දෙන්න.....මට හම්බ උන ගමන් මමත් blog එකට දානවා.....එහෙනම්..ගිහින් එන්නම්
හැමෝටම ජය..!

අම්මා

මේ කතාව මට ලැබුනෙ කොහෙන්ද කියල හරියටම මතකයක් නෑ...ඒත් මේ කතාව මගේ හිත පුදුම විදිහට හෙල්ලුවා....ඒ නිසා තමයි word document එකක් විදිහට PC එකේ save කරල තියාගත්තෙ.ඔයාලත් කියවල බලන්න..



මගේ අම්මට තිබුනේ එක ඇහැයි.මම ඇයට වෛර කලා,ඇය මට ලොකු හිසරදයක් වුනා. ඇය ජීවිකාව හැටියට කලේ මම ඉගෙන ගත්ත පාසලේ ආපනශාලාවට ආහාර සැපයීම,එය තමා තාත්තත් නැති අපේ පවුලට තිබුනු එකම ආදායම් මාර්ගය.

මම ප්‍රාථමික පන්ති වල ඉගෙන ගන්න කාලේ දවසක අම්මා මාව බලන්න මගේ පන්තියට ආවා.ඇය කොහොමද මට මෙහෙම අවමන් කරන්නේ?මට දැනුනේ ලොකු අපහසුවක්,මම ඇයව මගහැරියා. මම ඇයට රවලා ඉක්මනින් ඈතට දුවගෙන ගියා. එදා ඉදලා පන්තියේ යාලුවෝ මට අම්මා ගැන කියලා විහිළු කරන්න පටන් ගත්තා,

"ඊඊයා....ඔයාලගේ අම්මට තියෙන්නේ එක ඇහැයි"


ආදරයද මේ දැනෙන්නේ.....

මගේ ප්‍රියතම චිත්‍රපටයේ ඇතුලත් ලස්සනම ගීතයක් තමයි ඔයාලගෙ රසවින්දයට ලබා දෙන්න හදන්නේ....
චිත්‍රපටිය Mohabbatein

මෙන්න මේ වගේ තේරුමක් තමයි ගීතයේ තියෙන්නේ
" ඇවිදින විට හිටි හැටියේ මම නතර වෙනවා...
ඉඳගත් විට මගේ සිත කොහේදෝ අතරමන් වෙනවා....
කතා කරන විට හිටි හැටියේ මම ගොලු වෙනවා...
ආදරයමද මේ දැනෙන්නේ.......ආදරයමද මේ දැනෙන්නේ......
ඔව් ....ආදරයමයි මේ දැනෙන්නේ.........   "

ගීතය රස විඳින අතර හිතට දැනෙන දෙයක් ලියලම යන්න අමතක කරන්න එපා....

Koggala Nilame | කොග්ගල නිලමේ Part 1

අද මගේ යාලුවන්ට මගේ ගානෙ ලස්සන, වටින,පොතක් දෙන්නයි හදන්නෙ...ටිකක් අමුතු කතාවක්...හැබැයි interesting පොතක්....මේ පලවෙනි කොටස...කියවල බලල හොඳයිද කියල comment එකකුත් දලම යන්න අමතක කරන්න එපා......



පුරන් අප්පු සටනට වැදුනා.......

අද ඔයාලට අහන්න, බලන්න දෙන්න හදන්නෙ මම හුඟක් ආස කරන සිංදුවක්...පුන්චිකාලෙ ඉඳල මෙ සිංදුව අහන හැම වාරයකම මගෙ හිතට හරි අපූරු හැඟීමක් දැනෙනවා.ඒ හැඟීමට මම මාර ආසයි.....අහල බලන්නකො...ලස්සන සිංදුවක්.!





ගීතයේ වචන ටික මේ තියෙන්නෙ...........


වීදුරු ඇස්


හීතල හුලඟක් එක්ක වතුර බිංදු කීපයක් මූනට වදිනකොට මම ගැස්සිලා වටපිට බැලුවා. වෙලාවකට මගේ හිතත් කොහේ දුවනවද මන්දා...එලියෙ හොඳටෝම වහිනවා...මම බස් එකේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බර කල්පනාවක...ජනෙල් වීදුරුව වහලා දාල බස් එක ඇතුලට ඇහැ දැම්මෙ කවුරුහරි මගේ දිහා බලන් හිටියොත් පිස්සු කියල හිතයි කියන ලැජ්ජාවත් එක්ක..වැඩි සෙනගක් හිටියෙ නැති බස් එකේ හිටපු දහ පාලොස්  දෙනත් තම තමන්ගෙ ලෝක වල අතරමන් වෙලා. අයට අනිත් මිනිස්සු ගැන වගේ වගක් නෑ.

"....බැහැගන්න..බැහැගන්න....වතුගෙදර රේල් ගේට්...බැහැගන්න........!"

හරි දැන් පෙන්නපල්ලා.......


ඉස්සෙල්ලම කියන්න ඕන මේක copy කරේ elakiri එකෙන්....කියවල බලන්නකො....

හැමෝම අහල තියනවා නේ අර පච්ච කොටන එකා බීල ඉඳල කරපු දේ? අම්ම සමග වාසේ මරුව බුදු වේවා කියල ගැහුවලු නේ. මේ ඒ වගේ බීල කරගත්ත තව එකක්.

ටෙක්සස් වල මිනිහෙක් බාර් එකකට ගිහින් කියනවා: "අර එළියේ බෝඩ් එකක් ගහල තියෙන්නේ අභියෝග 3 ක් බාර ගත්තොත් මාසයක් නොමිලේ විස්කි දෙනවා කියල. මොනවද ඔය අභියෝග 3?"

එතකොට බාර් කාරය කියනව: "මෙච්චරයි. ඉස්සෙල්ලම අරක්කු බෝතලයක් බොන්න ඕන. ඊළඟට අර එළියේ පොකුණෙ ඉන්න කිඹුලෙක්ගෙන් දතක් ගලවගෙන එන්න ඕන. අන්තිමට කන්‍යා සොයුරියකට ----------(සංසර්ගයේ යෙදෙන්න) ඕන."

මිනිහත් කිව්වා "හරි මම වැඩේ කරනවා" කියල. එහෙම කියල මිනිහ ඉස්සෙල්ලම් අරක්කු බෝතලේ අරන් බීගෙන බීගෙන ගියා. ඊට පස්සේ බයිට් කෑල්ලකුත් කටේ දාගෙන එලියට ගියා. ඊළඟට නම් මිනිස්සුන්ට ඇහුනේ දඟලන, පෙරලෙන, කෙඳිරිගාන, පොරකන සද්ද ටිකක් තමයි. කොහොම හරි විනාඩි 30 කට විතර පස්සේ මිනිහ ආව දාඩිය දාගෙන, ඇඟ හූරගෙන, ලේ පෙරාගෙන. ඇවිත් අහනවා.........
.
.

 "හරි දැන් පෙන්නපල්ලා අර දතක් ගලවන්න ඕන කන්‍යා සොයුරිය."




"දෙවෙනි පාරටත් set උනැයි කියන්නෙ......"


ලස්සන පට පාට ලයිට්ස් හතර වටේම පත්තු වෙනවා..
ඒ මදිවට dancing flow එක පුරාම ලස්සන ලස්සන ගෑනු ළමයි ගොඩාරියක් මාව වටකරගෙන නටනවා....
මොන සැපද අප්පා.....කවද කාපු චීස්ද...මමත් හොඳට එහාට මෙහාට පැද්දි පැද්දි හොඳ සැපක් ගත්තා
ටික වෙලාවක් යනකොට මම දැක්කා ගෑනු ළමයෙක් මගේ දිහා හොඳ ඕනකමින් බලන් ඉන්නවා.
එයා හෙමීට...හෙමීට......හුඟාක් හෙමීට මගේ දිහාට එන්න පටන් ගත්තා...
මටත් හිතාගන්න බෑ මොකක්ද වෙන්න යන්නෙ කියල....කව්ද දන්නෙ.....සමහර විට එයාට මාව දැක්කම දරාගෙන ඉන්න බැරුව මගේ ලඟට ඇවිත් මාව kiss කරන්න හදනවද කියලා......
ඔව් ඔව් ඒව කියන්න බෑ....
හෙමින් හෙමින් මගේ ලඟටම ආපු එයා....
මගේ මූනටම ලන් වෙලා......
මගේ දිහා ආදරෙන් බලාගෙන......
එයාගෙ ලා රෝසපාට තොල් .....
මගේ දෙතොලට.........
හුඟාක් හෙමීට........
හෙමීට............
හෙමීට............
හෙමීට............
ලන්කරල........
ලන්කරල........

එකපාරටම.!!!

මල් කැකුලකට ජීවිතය දෙමු


මාස ගානකට පස්සෙ blog එක පැත්තට ආවෙ....ආපු ගමන් ඔයාලට කියන්න යන්නෙ පුංචි මල් කැකුලකට ජීවිතේ දෙන්න කරන වෙනස් විදිහේ සටනක් ගැන......මේක කියවලාම ඉන්නකෝ.....

මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.
ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.

ආදරයක් වැඩෙනා මනරම්

මගේ ලොවට ආයෙත් සැරයක්
වසන්තයක් රහසින් ඇවිදින්
රිදෙන තැවෙන හිත සනසවමින්
ආදරයක් වැඩෙනා මනරම්

සමා අවසර

ඉස්සෙල්ලම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...හුඟ දවසකින් පොස්ට් එකක් දැම්මෙ නැතුවට..පහුගිය දවස් වල එක දිගට ආපු ප්‍රශ්න ගොඩාක් හින්ද බ්ලොග් එක පැත්ත පලාතක එන්න බැරිවුනා. හුඟ දවසකට පස්සෙ ඔන්න අද තමයි පාලම පැත්තට අවෙ. ආපු ගමන් ඉස්සෙල්ලම දැක්කෙ "සිත් අහසෙ" ප්‍රාර්ථනා කුරුටු ගාල ගිය ටීකාව....සිංහලෙන් කියනවනම් comment එක. බොහොම ස්තුතියි ප්‍රාර්ථනා..ටිකක් පරක්කු උනාට බ්ලොග් එක  නවත්වන්නෙ නෑ.....දිගටම ලියනවා..
මේ දවස් වල අලුත් පොස්ට් එකක් දාන්න ලෑස්ති වෙනවා..ඒක දානකම් බ්ලොග් එක පාලුවට අරින්නත් බෑනේ...ඒක නිසා බ්ලොග් එකට ලස්සන photo ටිකක් දාන්න හිතුවා......අපි යාලුවො කට්ටිය නුවර එලියෙ ට්‍රිප් එකක් ගිය වෙලාවක ගත්තු photo ටිකක් මේ තියෙන්නෙ. නුවර එලියෙ ලස්සන තැන් මගේ ඇහින් දැකපු විදිහට, මගේ අතින්ගත්තු photo ටිකක්.මම ලොකු Photographer කෙනෙක් නම් නෙමෙයි. ඒත් ඉතින් ආසාවට කරන දේවල් නේ.....