twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

"දෙවෙනි පාරටත් set උනැයි කියන්නෙ......"


ලස්සන පට පාට ලයිට්ස් හතර වටේම පත්තු වෙනවා..
ඒ මදිවට dancing flow එක පුරාම ලස්සන ලස්සන ගෑනු ළමයි ගොඩාරියක් මාව වටකරගෙන නටනවා....
මොන සැපද අප්පා.....කවද කාපු චීස්ද...මමත් හොඳට එහාට මෙහාට පැද්දි පැද්දි හොඳ සැපක් ගත්තා
ටික වෙලාවක් යනකොට මම දැක්කා ගෑනු ළමයෙක් මගේ දිහා හොඳ ඕනකමින් බලන් ඉන්නවා.
එයා හෙමීට...හෙමීට......හුඟාක් හෙමීට මගේ දිහාට එන්න පටන් ගත්තා...
මටත් හිතාගන්න බෑ මොකක්ද වෙන්න යන්නෙ කියල....කව්ද දන්නෙ.....සමහර විට එයාට මාව දැක්කම දරාගෙන ඉන්න බැරුව මගේ ලඟට ඇවිත් මාව kiss කරන්න හදනවද කියලා......
ඔව් ඔව් ඒව කියන්න බෑ....
හෙමින් හෙමින් මගේ ලඟටම ආපු එයා....
මගේ මූනටම ලන් වෙලා......
මගේ දිහා ආදරෙන් බලාගෙන......
එයාගෙ ලා රෝසපාට තොල් .....
මගේ දෙතොලට.........
හුඟාක් හෙමීට........
හෙමීට............
හෙමීට............
හෙමීට............
ලන්කරල........
ලන්කරල........

එකපාරටම.!!!


"කවුද කැපුවේ.........කවුද කැපුවේ අපෙ ආනමාලු කැන...පැහිල තිබුනේ ඉහල ඇවරි දෙකම..."

මහා ටකරන් voice එකකින් එහෙම ඇහෙන්න ගත්තා.....මොන මගුලක්ද යකො......මන්දන්නෙ කොහොමද කාගෙවත් ආනමාලු කැනක් ගැන.....මන් කෙහෙල් හොරෙක්යැ.......
මටත් මල පැන්නා....මේ %@#$ට හොඳ දෙකක් සුද්ද සිංහලෙන් අමතන්න කට අරින්න හදනකොටම ඇහුන හුරු පුරුදු voice එකෙන් තමයි මම පියවි සිහියට ආවෙ......

"සුදූට මන් කී දවසක් කිව්වද ඔය ring tone එක change කරන්න කියල....
මොකද්ද මනුස්සයෝ ඔය දාගෙන ඉන්නෙ.......
මම ඔය phone එක පොලවෙ ගහන්න කලින් ඕක change කරනවා...... "

තාත්ත කාමරේ උලුවස්සෙන් ඔලුව ඇතුලට දාගෙන අම්ම මෝ නැතුව මට දෙහි කපනවා...එතකොට මගේ වටේ හිටපු කෙල්ලො ටික කෝ.....
තාත්තට බයේ මුන් ටික ඇඳ යටට වත් රින්ගුවද......
ම්හ්..ඇඳ යට නෑ.....
මගේ සරම ඇතුලෙවත්ද....කියන්න බෑනෙ....මම සරම ඇතුලෙත් බැලුවා.....
මොන....ඒත් නෑ......
එතකොට මම මෙච්චර වෙලා දැක්කෙ හීනයක්ද....
තූ නොදකින්......නිදිමතේම phone එක ඇදල අරන් කනේ තියාගත්තෙ මගේ හීනෙ කඩපු එකාට හිතින් දෙහි කප කප.....

"තඩියෝ...තෝ මොකද යකො කරන්නෙ.....බලපන් දැන් වෙලාව කීයද....මහේශ් අයියත් නෑ....sound කාරයත් නෑ....තෝත් නෑ......මොන මගුලක්ද බන්...@#$%#^$&%*^+*/#!^%$@........."

තුෂාරයා එහා පැත්තෙ ඉඳන් ජාතිය අමතනවා........එතකොට තමයි මම වෙලාව බැලුවෙ.....
හුටා.....වෙලාව 9.15 යි.....
යකෝ අද අපේ GET එකනේ....මොකාද වගේ නිදාගත්ත මිසක්  alarm එක තිබ්බෙ නෑනේ......

"හරි හරි මචන්.....මම මේ දැන් මග ඉන්නෙ....විනාඩි 10න් ඔතන....ඉවසල හිටපන් සත්තලනේ....."


" තොගෙ .@#%$&#%$*@(_$...."

මම පට් ගාල call එක cut කලා....මොකටද උදේ පාන්දර උගේ ස්තුති කතාව අහගෙන ඉන්නෙ.........

දඩ බඩ ගාල ඇඳුමක් දාගෙන මම පාරට ආවා...පස්සෙ තමයි මතක් උනේ දත් මැද්දෙත් නෑ කියල.ටක් ගාල ඇඟිල්ලෙන් එහෙට මෙහෙට දෙපාරක් මැදගත්තා......ඔය ඇති....කවුරුවත් දකින එකක් නෑ...


සල්ලි සල්ලි කියල බලන්නැතුව ත්රී වීල් එකක් අල්ලගෙන වසන්ත එකට එන්න මට විනාඩි 20 වත් ගියේ නෑ.....
ඉස්සරහටම හම්බ උනේ entrance එකට ටිකක් මෙහායින් කයියක් දාගෙන ඉන්න නිෂන්ත සරුයි නලියවයි....ඒ දෙන්නට "good morning" එකකුයි හිනාව බාල්දියකුයි දාගෙන මම entrance එක පැත්තට ඇදුනා


දොර ගාවම මේසෙකුයි පුටුවකුයි තියාගෙන අනුශ්කා වාඩිවෙලා ඉන්නවා.....මාව දෑක්ක ගමන් කෙල්ල හරි ලස්සනට හිනා උනා........ඔන්න ඔහොමනෙ බබා ඉන්න ඕන.....දැක්කම දවසම සිරියාවයි.......

"කොහොමද ලොකු අයියේ.....අනේ පැටියෝ මෙන්න මෙතන අත්සන් කරල රුපියල් 1000 දෙන්න වස්තුවේ....."

ස්ත්‍රී ජාතී නෑ විස්වාසේ....කියන්නෙ මෙන්න මේවට තමා......මන් හිතුවා අවුරුද්දකට පස්සෙ මාව දැකල සතුටට හිනා උනා කියල....මොන....මේකිට මාව පේන්න ඇත්තෙ ඇවිදගෙන එන 1000 කොලයක් වගේ.......

ඇඟෙන් ඇටයක් ගලවලා දෙනව වගේ රු 1000 දීල මන් ඇතුලට ආවා...මෙන්න එනවා මහේශ් අයියා ඉස්සහරටම රා කලගෙඩි 7ක් බිවු නාලගිරියගෙ හොඬවැල වගේ එහාට මෙහාට පැද්දි පැද්දි......

"ඊයෙ දෙකක් ගත්තා බන්.....සුට්ටක් වැඩි උනා......."

ගත්ත දෙකේ තරම්ම පේනවා පොරගෙ මූන දිහා බැලුවම....

"හැබැයි වැඩේ අවුල්  උනොත් ගුරුන්නාන්සෙය කියල බලන්නෑ උස්සල දානවා pool එකට...."

මන් එහෙම කිව්වම හිනාවෙලා මොනවද කුනු කුනු ගගා sound තියෙන පැත්තට ගියා.ඔය මොනව කිව්වත් පොර වැඩේ තිතට දෙනවා කියන එක ඉර හඳ වගේ ෂුවර්.......

"තඩී උඹ දැන්ද බන් ආවෙ....".



නුවන් චානක මගේ ලඟට ආවා....නුවන්ගෙ T shirt එකේ ගහල තිබුනු ආනන්දෙ badge එක දැකල මට අපෙ ස්කෝලෙ කාලෙ මතක් උනා......මීට අවුරුදු 10කට 12කට එහා....


. කාලෙ මොනතරම් ලස්සනද.........
සැහැල්ලුද........
ආයෙත් කාලෙට යන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද....
අද අපි හැමෝම දෙයියනේ කියල හොඳ රස්සාවල් කරගෙන හොඳට ඉන්නව තමයි....
ඒත්.....
අර එකට සෙල්ලම් කරපු,.....
එක බත් එකට පොරකාපු,.......
පන්තියෙ පිටිපස්සෙ පේලියෙ එකට වැටිල සින්දු කියපු,..........
එක කෙල්ලට try කරල ගහ මරා ගත්තු,........
හොරෙන් කුරුම්බ කඩන්න ගිහිල්ල ප්‍රින්සිපල් එලවනකොට කට්ටියත් එක්ක ස්කෝලෙ වටේ දුවපු,.......
ඒ ලස්සන දවස් අයෙ එන්නෙ නෑ කියල මතක් වෙනකොට හිතට මහ මොකක්දෝ වෙනවා.....

"තඩියෝ.....කොහෙද බන් එක පාරටම අතුරුදන් උනේ...."

දලු බන්ඩ මාව එහාට මෙහාට හොල්ලනකොට තමයි මන් මේ ලෝකෙට ආවෙ.......
යකෝ ඔහොමත් මිනිස්සුන්ව හොල්ලනවද....මොනවහරි අත්‍යාවෂ්‍ය අවයවයක් එහෙම ගැලවිලා වැටුනොත්....මොකෝ ආපහු හයි කරන්නයැ......

කොහොමහරි 10.30 වගේ වෙනකොට වැඩේ පටන් ගත්තා....... පොල් තෙල් පහන පත්තු කරල...නුවන්ගෙ පිලිගැනීමෙ කතාවයි....නිශාන්ත සර්ගෙ කතාවයි.. අරව මේව ඉවර වෙනකොට පැයක් විතර ගියා..... පහුගිය වතාවෙ එන්න බැරි උනු සහෝදර සහෝදරියො හුඟ දෙනෙක් මෙදා පාර ඇවිත් හිටියා....කලින් වතාවෙ වගේම ලස්සන තරඟ ටිකක් මේ වතාවෙත් තිබුනා.....











හැමෝම වගෙ තරඟ වලට සහභාගි උනා....වැඩේ නම් මල් හතයි......
හිටපු ගමන් කොහේද ඉඳල කඩන් පාට්ත් උනු චමිලයා (බකලා) මාව පැත්තකට ඇදල ගත්තා.....

"වරෙන් යන්න පොඩි ගමනක්..."

"කොහෙද...?"

"තොට වැඩක් නෑනේ.....එනවද නැද්ද....."

මොන මරාලයක්ද දන්නෑ.....ඒත් .....සමහර විට කියන්න බෑනේ මූට මොනවහරි රස කෑමක් හම්බ වෙලා මාව මතක් උනාද කියල......පොඩි කාලෙ ඉඳන් යාලුවනෙ......මම ත් උගේ පස්සෙන් වැටුනා......
අපි දෙන්න නැවතුනේ බාර් එක ලඟ  hall එකේ.....

"ආ.....තඩී......වරෙන් වරෙන්.....උඹ විතරයි අඩුවෙලා හිටියේ......"

ඈ.....මුන් කොයිවෙලාවෙද මේක සෙට් කරේ......සෙට් එකම මෙතනනේ......

"හිතා බල බල ඉන්න දෙයක් නෑ...කැමති දෙයක් කැමති හැටියකට අරගන්නයි තියෙන්නෙ....."

වැඩේ හොඳට නැගල යනවා...... සමහරුන්ටනම් එතකොටත් හොඳ ගනන්.......
විවිධාකාර චරිත එතන හිටියා....
පරන යාලුවො හම්බවෙච්ච සතුටට අඬපු අය.....
පරන ලව් මතක් වෙලා දුකට අරගත්තු අය.....
පදම වැඩිවෙනකොට සිංහල අමතක වෙලා ඉංග්‍රීසියෙන් talk කරපු අය……
වැඩිය බෑ කිය කිය දහය පහලව නවපු අය.....
හොඳ brand දිරවන්නෑ කියල බල්ලොන්ට ගහන ඒවයින් කාලක් ගෙනල්ල ගහපු අය…..
හැබැයි විෂේශයෙන්ම කියන්න ඕන......
කිසිම දෙයක් නොගත්තත් යාලුවොත් එක්ක එකට වාඩිවෙලා.ෆිට් එකට හිටපු අය.......
ඔයවගේ මෙකී නොකී නානාප්‍රකාර අය එතන හිටියා.....
ස්කෝලෙ යන කාලෙ පොඩි පොඩි දේවලටත් ගහ මරා ගත්තු අය එක ලඟ පුටු දෙකේ වාඩිවෙලා කරට අත දාගෙන ඉන්න හැටි දැක්කම..........මටනම් කියාගන්න වචන නෑ......
මමත් හීනියට දෙක තුනක් වනාගෙන dancing flow එක පැත්තට ආවා....

“ලොකු මල්ලි.....මොනවහරි සින්දු ටිකක් කියපන් බන්...මගේ උගුරත් රිදෙනවා.....”

මහේශ් අයියා මාව දැකපු ගමන් මයික් එක මගේ අතට දුන්නා.....මම,චමින්ද,බන්ඩාර.....අපි කට්ටියම සින්දු කිව්වා......පස්සෙ මහේශ් අයියත් එක්ක සෙට් වෙලා nonstop එකක් ගැහුවා......කට්ටිය හොඳට නටල සැර fun එකක් ගත්තා…..අන්තිමට ආපු යාලුවන්ගෙ අදහස් දැනගන්න පොඩි වෙලාවක් වෙන් කර ගත්තා.....ප්‍රසන්නයි(වැලයා)....ශාලිනියි.....ආපු හැමෝම වෙනුවෙන් තමන්ගෙ අදහස් ප්‍රකාශ කලා......ඒ අදහස් මේ වැඩේ සංවිධානය කරපු සෙට් එකට හුඟාක් වටිනවා කියල අපි හැමෝම දැනගෙන හිටියා.....මොකද කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා මේ වගෙ වැඩක් සංවිධානය කරන එක ලේසි දෙයක් නෙමෙයිනේ.......... ඒ නිසා විශේෂයෙන්ම මතක් කරන්න ඕන....

තුෂාර,..පියුමි,…තරිඳුනී,…මහේශ්,….චමින්ද,….නුවන්.....
තව අපි නොදැනුවත්ව මේ වැඩේට සප් එක දීපු යාලුවො ඇති....ඒ හැම කෙනෙක්ම......



වැඩේ ඉවර වෙලා හැමෝම ගෙවල් වල යන්න සෙට් වෙන අතර් මන් දැක්කා තුෂාරය හෙමින් හෙමින් වටේ යනවා.......වසර 13ක් ඌත් එක්ක එක ස්කෝලෙ එකට හිටපු හින්ද මන් දන්නව ඔය කැරකෙන්නෙ තරම් හොඳකට නෙමෙයි කියලා.........

හරියට හරි...

ඔය යන්නේ පළවෙනියා......

තුෂාරයයි.කොබයි.කනයයි.බකලයි.....සෙට් එකත් එක්කම චමින්ද නොහොත් කැන්ටිමාව  උස්සගෙන පූල් එක පැත්තට යනවා.....කැන්ටිමත් මරන්න ගෙනියන හරකෙක් වගේ මර ලතෝනි තියනවා.....



.මේක දැකපු වටේ පිටේ හිටපු උන් තම තමන්ගෙ පර්ස්,.... ෆෝන්.... පැත්තකින් තියනවා.....ඇයි ඉතින්....දන්නෑනෙ ඊලඟ ටිකට් එක කාගෙද කියල. අන්තිමට කට්ටිය පූල් එකෙන් ගොඩ ගන්න තවත් සැහෙන වෙලාවක් ගියා....කොහොම උනත් ලස්සන මතකයන් හුඟාක් අරගෙන මමත් ගෙදර එන්න නිම්සරගෙ ත්‍රීවීල් එකට නැග්ගා.....




කොහොම උනත් මචංලා.....උඹල කලේ ලේසි පහසු වැඩක් නෙවෙයි......පාසල් කාලයෙ ලස්සන මතකයන් එක්ක  අපි හැම කෙනෙක්වම එක තැනකට එකට එකතු කරපු ඒ දුෂ්කර ක්‍රියාව වෙනුවෙන්.....අපි හැම කෙනෙක්ම උඹලට ණයගැතියි.........

අවසාන වශයෙන් මේ ටික කියන්නම ඕන…….ලබන පාරත් මුන් සෙට් එකට මැරෙන්න දෙන්නැතුව හැමෝම සෙට් වෙලා මේ වැඩේ කරමු.....එහෙම උනොත් මීටත් වඩා ලස්සන දවස් තව ඉස්සරහට ඒවි...හැබැයි එහෙම නොවුනොත්.......කවදාවත් අපිට අයෙ මුනගැහෙන්න බැරුව යාවි.....

එහෙම වෙන්න දෙන්න බෑ බොලව්......

එහෙනම්...තඩියා fullstop එක තියන්නයි යන්නේ.ලබන පාර මුනගැහෙනකන්.......
හැමෝටම ජය වේවා......
මං යනවා අර හීනෙ ඉතුරු ටික බලන්න.....එකෙක් වත් කෝල් කරනව නෙමෙයි ඕං.....
මේ පාරවත් මොනවහරි කර ගන්න දීපියවු


ප.ලි.......

photos බලන්න ඕන උන්ට මෙතනින් බලන්න පුලුවන්...

කලින් පාර get එක ගෑන ලියපු article එක කියවපු නෑති උන් මෙතනින් ගිහින් කියවපල්ලා.....

ඒ ගෑන අපේ රෙප් මහත්තයත් ලියල තිබුනා මෙන්න මෙහෙම

ඒකෙ photos මෙන්න මෙතන තිබුනද කොහෙද.....



5 comments:

අරුණ හෙට්ටිආරච්චි said...

ෂිට් කරුමෙට මේ පාර සෙට් වෙන්න බැරි උනානේ. ගිය සැරේ හැටියට මේ සැරේ මොනවා වෙන්න ඇතිද කියලා හිතා ගන්න පුළුවන්. බලමුකෝ ඊලග පාරවත් එනවාම තමා.

කෝල් කලේ නෑ කමෙන්ට් කොලා විතරයි මචං :P

Anonymous said...

පෝසට් එක නියමෙට පටන් අරන් තියනවා.. :)

Unknown said...

@ රෙපා......කලින් පාරට වඩා මේ පාර සෑර fun එකක් ගත්තා...ලබන සෑරේවත් වරෙන්.

@හිරූ.....තෑන්කූ තෑන්කූ.....පටන්ගෑන්ම විතරද හොඳ...?

Tharinduni said...

නියමයි තඩී... excellent.... keep it up

Unknown said...

@ Tharinduni...

Thanx Machoo.....

Post a Comment