twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

සමා අවසර

ඉස්සෙල්ලම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...හුඟ දවසකින් පොස්ට් එකක් දැම්මෙ නැතුවට..පහුගිය දවස් වල එක දිගට ආපු ප්‍රශ්න ගොඩාක් හින්ද බ්ලොග් එක පැත්ත පලාතක එන්න බැරිවුනා. හුඟ දවසකට පස්සෙ ඔන්න අද තමයි පාලම පැත්තට අවෙ. ආපු ගමන් ඉස්සෙල්ලම දැක්කෙ "සිත් අහසෙ" ප්‍රාර්ථනා කුරුටු ගාල ගිය ටීකාව....සිංහලෙන් කියනවනම් comment එක. බොහොම ස්තුතියි ප්‍රාර්ථනා..ටිකක් පරක්කු උනාට බ්ලොග් එක  නවත්වන්නෙ නෑ.....දිගටම ලියනවා..
මේ දවස් වල අලුත් පොස්ට් එකක් දාන්න ලෑස්ති වෙනවා..ඒක දානකම් බ්ලොග් එක පාලුවට අරින්නත් බෑනේ...ඒක නිසා බ්ලොග් එකට ලස්සන photo ටිකක් දාන්න හිතුවා......අපි යාලුවො කට්ටිය නුවර එලියෙ ට්‍රිප් එකක් ගිය වෙලාවක ගත්තු photo ටිකක් මේ තියෙන්නෙ. නුවර එලියෙ ලස්සන තැන් මගේ ඇහින් දැකපු විදිහට, මගේ අතින්ගත්තු photo ටිකක්.මම ලොකු Photographer කෙනෙක් නම් නෙමෙයි. ඒත් ඉතින් ආසාවට කරන දේවල් නේ.....