twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

මට හොඳට මතකයි

මට හොඳට මතකයි .....
පැයක විතර ඉඳල මාව නිදි කරවන්න අම්ම මගේ ඔලුව අතගගා හිටියා . එත් නින්ද මගේ අහලකටවත් ආවේ නෑ. මගේ හිතේ කැරකෙන්නේ රොබින් හුඩ්, මයිකල් නයිට්, ටින් ටින්, හාහා හරි හාවා, දොස්තර හොඳ හිත, පිස්සු පුසා......මන් දන්නවා අම්මට නිදිමතයි.එත් මට නින්ද යනකම් එයා නිදා  ගන්නේ නෑ...
ගොඩාක් වෙලා එක එක විකාර හිත හිත හිටපු මට යාන්තමට නිදිමතක් ආවා විතරයි ....එක පාරටම රතිඤ්ඤා පත්තු වෙන්න වගේ සද්දයක් ආවා...ඒ එක්කම මගේ මුනට වැලි වගයක් වැටෙනවා මට තේරුනා.මම ඔලුව උස්සලා නැගිටින්න හදනකොට අම්ම මාවත් ඇදගෙන ඇඳෙන් බිමට පැන්නා.