twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

ඔබේ පාපයන් ශුද්ධත්වයට පමණුවන්න ..


ජීවිතය සුරංගනා කතාවක් නොවේ එය අමිහිරි යතාර්ථයක්ද නොවේ ඒ ඔබට පේන හැටියයි... පොලොව හරහා යන ලේ වැකි අකුණු පහරක් කියන්නේ ලෝකය මංමුලා වුණු වග නොවේ..
මට කියන්න, ඔබේ ඇතුලාන්තය පෙන්වන්න.. හැම රහසකටම එහිම වූ හේතුවක් තිබේ පව්කාරයන් පවා පේ‍්‍රමයෙන් බැඳේ...

මැජික් බියර්

කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙනහැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්නමෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.

කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?

කොල්ලා : මේක මැජික් බියර් එකක්!


මට හොඳට මතකයි

මට හොඳට මතකයි .....
පැයක විතර ඉඳල මාව නිදි කරවන්න අම්ම මගේ ඔලුව අතගගා හිටියා . එත් නින්ද මගේ අහලකටවත් ආවේ නෑ. මගේ හිතේ කැරකෙන්නේ රොබින් හුඩ්, මයිකල් නයිට්, ටින් ටින්, හාහා හරි හාවා, දොස්තර හොඳ හිත, පිස්සු පුසා......මන් දන්නවා අම්මට නිදිමතයි.එත් මට නින්ද යනකම් එයා නිදා  ගන්නේ නෑ...
ගොඩාක් වෙලා එක එක විකාර හිත හිත හිටපු මට යාන්තමට නිදිමතක් ආවා විතරයි ....එක පාරටම රතිඤ්ඤා පත්තු වෙන්න වගේ සද්දයක් ආවා...ඒ එක්කම මගේ මුනට වැලි වගයක් වැටෙනවා මට තේරුනා.මම ඔලුව උස්සලා නැගිටින්න හදනකොට අම්ම මාවත් ඇදගෙන ඇඳෙන් බිමට පැන්නා.