twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

Bajrangi Bhaijaan

හින්දි සිනමාවේ මම ආසම නළුවෙක් තමා සල්මාන් ඛාන්. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි
" ඇයි...? ඊට වඩා හොඳ නළුවෝ කොච්චර ඉන්නවද...? "
ඔව්...නමුත් ඒ ගොඩක් නළුවන්ගේ චිත්‍රපටි හොඳ රසවිඳින්න විතරයි..
ඉස්සරනම් කොහොමද කියල මම දන්නේ නෑ.....
හැබැයි මෑත කාලේ සල්මාන් රඟපාපු හැම චිත්‍රපටකම රසවින්දනයට වඩා එහාට ගිය දෙයක් තිබුනා...
ඒක වීර චිත්‍රපටයක් හෝ වේවා...
කොමඩියක් හෝ වේවා....
ආදර කතාවක් හෝ වේවා....
හැම වෙලේම චිත්‍රපටය තුලින් මොකක් හරි පණිවිඩයක් සමාජයට දෙන්න උත්සහ කරනවා කියන එක මට පෙනුන දෙයක්...මිනිස්සු විදිහට අපිට අපි ගැන නැවත වතාවක් හිතල බලන්න ඕන තැන් පෙන්නලා දෙන අවස්ථා හුගාක් ඒවා තුල තිබුනා....
හැබැයි ඒ හැම එකකටම වඩා මගේ හිත හොල්ලන්න පුළුවන් උන චිත්‍රපටය තමයි...

Bajrangi Bhaijaan...
http://www.imdb.com/title/tt3863552/