twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

හාස්කමක මිළ

මේ කතාව මම කියෙව්වේ website එකකින්.internet එකේ මම නොයෙක් විදිහේ කතන්දර දහස් ගානක් කියවලා තියෙනවා.....ඒත් කවදාවත් නැති විදිහට මේ කතාව කියවද්දී මගේ ඇස් දෙක බොඳ උනා.....FB එකේ රවුම් ගහන ජීවිතෙන් මිනිත්තු දෙකක් නැවතිලා මේ කතාව කියවල බලන්න....ඔයාගෙත් ඇස් දෙක තෙමෙනවද කියල.....




නිවස පුරා පැතිර තිබුනේ පාළු මූසල බවක්.මවගේ කෙදිරිලි හඩින් නිවසේ පැවති නිශ්ශබ්දතාවය බිදී ගියා. ඒ හඩට සවන් යොමා සිටි පුංචි සැලී ඇගේ පියා කලබලයෙන් නිවස පුරා ඇවිද යන ආකාරය බලා සිටියේ සංවේගයෙන්. විටක මව සිටි කාමරයට ඇතුල් වී මවගේ හිස අත ගෑ ඔහු තවත් විටක නිවස ඉදිරියට විත් මාවතේ ඈත කෙලවර දෙස බලා සිටියේ නොයිවසිල්ලෙන.

"තාත්තේ..."
හෙමින් හෙමින් පියා අසලට ඇදුනු සැලී ඇගේ හඩ අවදි කලා
"ඇම්බියුලන්ස් එක තවම නැත්තේ ඇයි?"

මහරජ ගැමුණු

හුඟ දවසකට පස්සේ Blog එක පැත්තේ ආවේ....Job  එකේ වැඩත් එක්ක ලියන්න තරම් හිතට නිදහසක් තිබුනේ නෑ..ඒ ගැන ඉස්සෙල්ලම යාලුවන්ගෙන් සමාව ඉල්ලනවා.ඒ අතරේ අහම්බෙන් මට ලැබුණු දෙයක් නිසා Blog  එක පැත්තට එන්න හිතුනා.මේක පොතක්.අටුවා ටිකා ඕන නෑ....මගේ ජිවිතේ මම කියවපු හොඳම පොත කියල මට බය නැතුව කියන්න පුළුවන්. මගේ Blog එක කියවන යාලුවෙකුත් මේ පොත මගෙන් ඉල්ලලා තිබුනා....ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම මට ලැබුණ ගමන් ඔයාලටත් දුන්නා.....කියවල හිතට දැනිච්ච දේත් ලියල යන්න කියල ඉල්ලන්නේ වෙන මොනවත් හින්ද නෙමෙයි. ඔයාලගේ එක Comment එකක් මට හුඟාක් වටිනා නිසා..එකෙන් තව තව දේවල් ලියන්න හිතට ගැම්මක් එන හින්දා.....තවත් පොස්ට්එකක් අරන් එනකන් එහෙනම් කට්ටිය මේක කියවන්න.Sure...ඔයාලට කම්මැළි හිතෙන්නේ නෑ..

ලක් වැසියන් කෙරෙහි නැමී....

මට මතකයි අපි පුංචි කාලේ අපේ ඉස්කෝලේ හැමදාම උදේට ලස්සන සින්දු ටිකක් වාදනය කරනවා මුළු පළාතටම ඇහෙන්න.ගොඩක් සිංදුවල අර්ථය ගැන අපිට ලොකු වැටහීමක් නැති උනාට එක සින්දුවක් තිබුන මම හරි ආසාවෙන් අහගෙන හිටපු.අපූරු පදරචනයක්, ......අපේ කම මුහු වෙච්ච ලස්සන තනුවක්,....ඒ දෙකටම 200% ක් සාදාරනය ඉෂ්ට කරන්න පුළුවන් කටහඬක්,......මේ ගීතය මගේ හිතේ බොහොම ගැඹුරුම තැනක නවතින්න මේ කාරනා තුනම හේතු උනා කියල මට හිතෙනවා.....අහල බලන්න...අදහස ලියල යන්නත් අමතක කරන්න එපා...




ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්


තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

හුඟාක් දුක හිතෙන ඇත්ත කතාවක්..........

හුඟ දවසකට පස්සේ Blog එක පැත්තේ ආවේ.ලියන්න මොකුත් අදහසක් නැතුව ඉද්දි මගේ පරණ Blog එකක මම දාල තිබුණු ලිපියක් දැක්කා...හිතුන ඔයාලටත් කියවන්න දුන්නොත් හොඳයි කියල. මේ කතාව උපුටා ගත්තේ කොහෙන්ද කියල මට හරියටම මතක නෑ. හැබැයි ලියපු කෙනා කවුරු උනත් හරි සංවේදී විදිහට ලියල තියෙනවා....කියවලාම බලන්නකෝ.....