twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

හාස්කමක මිළ

මේ කතාව මම කියෙව්වේ website එකකින්.internet එකේ මම නොයෙක් විදිහේ කතන්දර දහස් ගානක් කියවලා තියෙනවා.....ඒත් කවදාවත් නැති විදිහට මේ කතාව කියවද්දී මගේ ඇස් දෙක බොඳ උනා.....FB එකේ රවුම් ගහන ජීවිතෙන් මිනිත්තු දෙකක් නැවතිලා මේ කතාව කියවල බලන්න....ඔයාගෙත් ඇස් දෙක තෙමෙනවද කියල.....




නිවස පුරා පැතිර තිබුනේ පාළු මූසල බවක්.මවගේ කෙදිරිලි හඩින් නිවසේ පැවති නිශ්ශබ්දතාවය බිදී ගියා. ඒ හඩට සවන් යොමා සිටි පුංචි සැලී ඇගේ පියා කලබලයෙන් නිවස පුරා ඇවිද යන ආකාරය බලා සිටියේ සංවේගයෙන්. විටක මව සිටි කාමරයට ඇතුල් වී මවගේ හිස අත ගෑ ඔහු තවත් විටක නිවස ඉදිරියට විත් මාවතේ ඈත කෙලවර දෙස බලා සිටියේ නොයිවසිල්ලෙන.

"තාත්තේ..."
හෙමින් හෙමින් පියා අසලට ඇදුනු සැලී ඇගේ හඩ අවදි කලා
"ඇම්බියුලන්ස් එක තවම නැත්තේ ඇයි?"


"දැන් ලගම එනවා ඇති දුවේ" යැයි සැලීට පිලිතුරු දුන් පියා ඇයව තම තුරුලට ගත්තා.

"දුවට බයයිද? බය වෙන්න එපා දුවේ...මම ඉන්නවානේ"යැයි පියා පැවසුවේ පුංචි සැලීගේ සිතේ කැකෑරෙන බිය සහ ශෝකය ඔහුට දැනුනු නිසාවෙන්.

මද වේලාවකින් හඩ නංවමින් පැමිනි ගිලන් රථයක් නිවස අසල නැවැත්වූ අතර ඉන් බැස ගත් වෛද්යිවරියක් සහ හෙදියන් දෙදෙනෙක් හනික නිවස තුලට පැමිනියා.ඔවුන් සුව පහසු අසුනක මවව හිදවා ඇයව ගිලන් රථය වෙත රැගෙන යන ආකාරය කදුළු පුරවා ගත් දෙනෙතින් යුතුව සැලී බලා සිටියා.
පියා වෙත සෙමින් සෙමින් ලං වූ ඇය ඔහුගෙන් මෙසේ ඇසුවා,

"තාත්තේ...අම්මා මැරෙයිද?"

පුංචි සැලී දෙස ආදරණීයව බැලූ පියා ඇයට පිලිතුරු දුන්නා

"නෑ දුවේ අම්මාට මොකුත්ම වෙන්නේ නෑ...තව ටික දවසකින් දුවට මල්ලි පැටියෙකුත් අරගෙන අම්මා ගෙදර ඒවි"

සැලීගේ දෙනෙත් විශාල වුනා...මුහුන ආලෝකවත් උනා...ඇගේ මුව පුරා ඇදී ගියේ සුන් දර සිනහවක්...

දින කිහිපයක් ගෙවී ගියා.මව යලිත් නිවසට පැමිනියා,ඇය පැමිනියේ තනිවම නොවේ, සැලීට පුංචි හුරුබුහුටි මල්ලියෙකුත් සමගයි. ඔහුට ජෝජ් යැයි නමක් යෝජනා කලේ සැලීමයි.

කාලය ගෙවී ගියා,දැන් සැලීට වයස අවුරුදු 8ක්. දිනක් ඇගේ මව සහ පියා ඇයගේ පුංචි සොහොයුරා ජෝජ් පිලිබදව කල කතාවක් ඇයට ඇසුනා.ඔහු මාරාන්තික අසනීපයකින් පසුවන බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කල හැකි සියල්ල තම මව සහ පියා කර ඇති බවත් සැලීගේ පුංචි මොළයට වැටහුනා.වෛද්යජවරුන්ට අනූව ඉතා විශාල මුදලක් වැය වන ශල්ය්කර්මයකින් කුඩා ජෝජ්ගේ දිවි බේරා ගැනීමට හැකි වන නමුත් එවැනි විශාල මුදලක් දැරීමට සැලීගේ මවට සහ පියාට හැකියාවක් නැහැ.

"දැන් ඉතින් පුතාව බේරගන්න වෙන්නේ හාස්කමකින් විතරයි"පියා දුක්මුසු හඩින් මව සමග පවසන අයුරු සැලීට ඇසුනා.

"හාස්කමක්? ඒවා කොහේද තියෙන්නේ?" සැලීට ප්රිශ්ණයක්.

හනික තම නිදන කාමරයට දිව ගිය සැලී සගවා තිබූ තැනින් තමන්ගේ කැටය අතට ගත් අතර හනික එය බිද දැමූ ඇය එහි තිබූ මුදල් ගණන් කිරීමට පටන් ගත්තා.කුඩා වියේ සිටම මව සහ පියා ලබා දුන් මුදල් ඉතිරිකිරීමට හුරු වී සිටි නිසා ඇගේ කැටයේ සෑහෙන ප්රටමානයක මුදලක් ඉතිරි වී තිබුනා. කැටයේ පිරී තිබූ මුදල් තෙවරක්ම ගැන බැලූ සැලී අවසානයේ ඒවා රැගෙන නිවස අසල තිබුනු ඖෂධ සැල වෙත ගියා.

ඖෂධ සැලට ඇතුල් වූ සැලී ඖෂධ සැලේ සේවකයෙකුගේ අවධානය ඇය වෙත යොමු වන තෙක් බලා සිටියත් කාර්යබහුලව සිටි ඔවුන් කිසිවෙකුගේ අවධානය ඇය වෙත යොමු වුනේ නෑ .අවසානයේ තම පසුම්බියෙන් කාසියක් අතට ගත් ඇය එයින් මේසයට තට්ටු කල අතර එය ඇසුනු මුදල් අයකැමි කාන්තාව පුංචි සැලී දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා.

"මොකද?
මම ආවේ මගේ මල්ලී ගැන කතා කරන්න..." සැලී සිහින් හඩින් පිලිතුරු දුන්නා,

"එයාට තවම වයස අවුරුදු දෙකයි...එයා ගොඩක් ලෙඩින්...මට එයාව හොද කරන්න හාස්කමක් ගන්න ඕනෙ...ඇන්ටිලා ලග හාස්කම් තියනවද?"

මුදල් අයකැමි කාන්තාව තුෂ්නිම් භූත වුනා.

"මොකද්ද දරුවෝ කිව්වේ..මට තේරුනේ නෑ" ඇය යලිත් විමසුවා.

"තාත්තා කිව්වා මගේ මල්ලීව හොද කරන්න පුලුවන් හාස්කමකට විතරයි කියලා...මට මල්ලිව හොද කරගන්න ඕනේ..අනේ ඇන්ටි හාස්කමක් කීයද?"

සැලී හැඩුම්බරව ඇසුවා.

"අපි ලග හාස්කම් විකුනන්න නෑ දරුවෝ..."මුදල් අයකැමි කාන්තාව සෙමින් පැවසුවත් සැලී පරාජය බාර ගත්තේ නෑ.

"අනේ ඇන්ටි මගේ ලග සල්ලී තියනවා...මම සල්ලි දෙන්නම්..."

මෙවිට පිලිවෙලට හැද පැලද ගත් මහළු මිනිසෙක් සැලී අසලට පැමිනියා,

"ඔයාගේ මල්ලිට මොන වගේ හාස්කමක්ද ඕනේ දරුවෝ?"
ඔහු කරුණාවන්ත හඩකින් සැලීගෙන් විමසුවා.

"මම දන්නේ නෑ අංකල්"
සැලීගේ දෙනෙතින් කදුලු ගලා ගියා.

"මගෙ මල්ලිට ගොඩක් අසනීපයි...එයාව හොද කරන්න ඔපරේෂන් එකක් කරන්න ඕනෙලු...ඒත් මගේ අම්මටයි තාත්තටයි එච්චර සල්ලි නෑ...ඒ නිසා මගේ ලග තිබුනු සල්ලි අරගෙන මම ආවා හාස්කමක් ගන්න"
"ඉතින් පුතා ලග සල්ලි කොච්චර තියනවද?ඔහු ඇසුවා.
"ඩොලර් එකයි සත එකොලහක් තියනවා අංකල්" සැලී ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.
"හරි පුදුමයි" සිනා සෙන ගමන් මහලු මිනිසා පැවසුවා,

"මල්ලි කෙනෙක්ව බේරගන්න තියන හාස්කමේ ගාණ හරියටම ඩොලර් එකයි සත එකොලහයි"

එක් අතකින් දැරියගේ අත තිබූ මුදල් ගත් ඔහු අනෙක් අතින් දැරියගේ අතක් අල්ලා ගත්තා,

"මාව දුවගේ ගෙදරට එක්ක යන්නකෝ එහෙනම්...මට දුවගේ මල්ලිව බලන්න ඕනේ... දුවගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නත් ඕනේ"

ඔහු පැවසුවා.

ඒ මහලු මිනිසා වෛද්‍ය කාල්ටන් ආම්ස්ට්රෝන් වූ අතර ඔහු ඉතා දක්ෂ. ශල්‍ය වෛද්‍ය වරයෙක් ලෙස එකල පිලි ගැනුනා.

ඔහු කුඩා ජෝජ්ගේ ශල්‍ය කර්මය බාර ගත් අතර ඔහු එය සිදු කලේ කිසිදු ගාස්තුවකින් තොරවයි. ශල්‍යකර්මය සාර්ථක වූ අතර කුඩා ජෝජ් ඉතා ඉක්මනින් සුවය ලැබුවා.

නිවසට පැමින කෙලිදෙලෙන් පසු වූ ජෝජ් දෙස බැලූ මව පියාට මෙසේ මිමිනුවා

"මට නම් මේ ඔපරේෂන් එක ගැන හිතා ගන්නවත් බෑ...මේක හාස්කමක් වගේ...ඇත්තටම මේකට කීයක් යන්න ඇතිද?"

සැලී තනිවම සිනා සුනා...ඇය දැන සිටියා හාස්කමක මිල...එය ඩොලර් එකයි ශත එකොලහක්,නමුත් එයට සහෝදරියකගේ ආදරයත් විශ්වාසයත් එකතු විය යුතුයි.

6 comments:

රැංගෝ said...

:-)

වෙද සිතක සිත්තම said...

දුක්බර කතාවක් තමයි. ඒත් හාස්කමකින්වත් ගොඩ ගන්න බෙරි ලෙඩ ඔනා තරම් තියෙනවා..

Kunkuma Geeth Hewage said...

හාස්කමකට කරන්න බැරි ගොඩක් දේවල් ආදරයට කරන්න පුළුවන් යාලු....ගනු වලින් තොර දෙනු විතරක් තියෙන සැබෑ ආදරයට....... :)

Wicharaka Asami Dakimi Soyami said...

මේ වගේ කතා හැකි තරම් ප්‍රචලිත කලාමත් හාස්කමකින් වගේ මිනිසුන්ගේ මිනිස්කම් වර්ධනයවීමට බලපෑමක් ලැබෙනවා.

ධාරා said...

කතාව හරිම සංවේදි යි. කියවනකොට මට ඇඬුනා. ඒ තරම් ලස්සණ යි.

උමා said...

ලෝකෙ තියෙන ලොකුම හාස්කම- අාදරය!

Post a Comment