twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

Share කරන්න

මේක මටත් මගේ යාලුවෙකුගෙන් ලැබුනු මේල් එකක තිබුනු දෙයක්...ඔයාලටත් කියවන්න දෙන්න හිතුනා



මව්කිරි සුවඳ විඳින්ටත්,

මියෙන දරුවන් රකින්ටත්,

දැවෙන මිනිසුන් නිවන්ටත්,

සහජීවනේ වැඩෙන්ටත්,

Share කරන්න...




ඔබම,

අම්මට "ඕයි" කියන්න,

වීදි දරුවට "යැක්" කියන්න,

මිනිසුන්ට ගිනිගුලි දෙන්න,

ගහනකොට දුවන්න...



බඩගින්න දැනෙන්ටත්,

දුක්ගින්න මඩින්ටත්,

පක්ෂෙට රිදෙන්ටත්,

විපක්ෂෙට වදින්ටත්,

Share කරන්න...



ඔබම,

"පීසා" කන්න,

"මැක් රයිස්" කන්න,

"කේ එෆ් සී" යන්න,

"කෝක්" බොන්න...



සිහලකම රකින්ටත්,

බොදුනුකම පෙනෙන්ටත්,

රැඩිකල් වෙන්නටත්,

පොෂ් උන් වෙන්නටත්,

Share  කරන්න...





ඔබම,

"ඒ/සී" වල යන්න,

"ඒ/සී" අඩුනම් බනින්න,

දාඩියට "ෂිට්" කියන්න,

උජාරුවෙන් වටපිට බලන්න...

සිල්ගත් අයට "හූ" කියන්න,

හිමිනමට "ගණයා" කියන්න,

"විදු තර්කෙන්" බුදු දහම විචාරන්න,

නඩුකාරයට "ස්වාමිනී" කියන්න...



පෙමකට අරුත් දෙන්ටත්,

කතකට ගරු කරන්ටත්,

දුක මැද සිනහ වෙන්ටත්,

මාපිය ගුණ ගයන්ටත්,

Share කරන්න...



ඔබම,

බස්වල "ජැක්" ගහන්න,

නංගිවත් "වීඩියෝ" කරන්න,

අසැබි සැනසුම විඳගන්න,

මව් කෙනෙකුන්ම හොයන්න...

සින්දු "රීමික්ස්" කරන්න,

විරහවට නටන්න,

මිතුරගෙ ගෑණිට ඇහැ දාන්න,

මිතුරිගෙ සැමියට ඇහැ දාන්න...



කණමුත් පෙම් කරන්ටත්,

රුවක නැති ගුණ පෙනෙන්ටත්,

සිරා ලඳ වෙන්ටත්,

සිරා පොර වෙන්ටත්,

Share කරන්න...



ඔබම,

ළමයට කිරි ටික නොදෙන්න,

ඇඟ "ශේප්" කරගන්න,

"ඔඩෙල්" ගොස් ඇඳුම් ගන්න,

"ලස්සන" අයටම හිනාවෙන්න...

කෙල්ලට වැඳවැටෙන්න,

කොල්ලන්ට රණ්ඩුවෙන්න,

කෙල්ලෝ රවටන්න,

කොල්ලො වටේ යවන්න...

"ෆේෂල්" කරන්න,

ලෝකෙටම ණයවෙන්න,

ලොකුම "කාරෙක" ගන්න,

අරන් ෆොටෝ ගහන්න... 



යුද්ධ නවතන්ටත්,

අධිරජුන් පරදන්ටත්,

රටට වැඩ ඇතිවන්ටත්,

මැරෙන උන් ගලවන්ටත්,

Share කරන්න...



ඔබම,

"ආමිකාරයට" බනින්න,

උගෙ "විදිහට" හිනාවෙන්න,

පිටි ගගහ ඇඟ හදන්න,

යුද්ධෙ දිනුවම "හුරේ" දාන්න...

ඡන්දෙ දාන්න,

ඡන්දෙට වැඩකරන්න,

පස්ස අතගා රස්සාව ගන්න,

අතීතෙට බනින්න...



වසරෙ දින ගණින්ටත්,

දැයට හිත ඇතිවන්ටත්,

මිතුරුකම් කියවන්ටත්,

සතුරාට මෙත වඩන්ටත්,

Share කරන්න...





ඔබම,

දේවාලෙට යන්න,

"ස්වාමි" ව හොයන්න,

සතුරට රිදෙන්න,

මිරිස් අඹරන්න...

තරඟෙට ඉගෙනගන්න,

යන ක්‍රමේටම යන්න,

අනිකට හෙණගහන්න,

"පාඩම් කරේ නෑ" කියන්න...



අමද්‍යප වෙන්ටත්,

දුර්ගුණ දුරුම වෙන්ටත්,

වනයට පෙම් බඳින්ටත්,

සියළු සත රැකගන්ටත්,

Share කරන්න...



"නයිට් ක්ලබ්" යන්න,

ණයට පාටිවල නටන්න,

ගිහින් "සෝෂල්" වෙන්න,

"ඔකේෂනලි" බොන්න...

පෝය දවසට බනින්න,

නිවාඩුත් එපා කියන්න ,

හිමිවරුන්ටත් බනින්න,

"පාටි" දාන්නම "ට්‍රිප්" යන්න...



මදුරු බෝ නොවෙන්ටත්,

තැන තැන කුණු නොදමන්ටත්,

"අපේ දේ"ගන්ටත්,

"අපේකම" රකින්ටත්,

Share කරන්න...



ඔබම,

කුණුමලු විසුරුවන්න,

"ගඳයි ගඳයි" කියන්න,

එන එන "ෆෝන්" ගන්න,

"ඊ බුක්ස්,අයි පෑඩ්" ගන්න...

සපත්තු ලා ගන්න,

සුද්දගේ ඇඳුමත් අඳින්න,

සරමට ගරහන්න,

"ගල් ෂෝට්" අඳින්න...



"පොඩි" සත්තු මරන්න,

"නොහිතා" හොරාකන්න,

"දෙන" බඩුත් ගහන්න,

"බේරෙන්න" පචත් කෙළින්න,

"ටිකක්" බොන්න...

එත්,

හැකි තරම් Share කරන්න ...

-අසංක හදිරම්පෑල නොහොත් Asanka Hadirampela.-

3 comments:

අරුණ හෙට්ටිආරච්චි said...

ඔබට දැන් නිදිමත නම් මෙය ලයික් කරන්න. නැත්තම් ෂෙයාර් කරන්න.

samakayawate said...

පට්ට ලියැවිල්ලක්.

Pramudi said...

ඔබ මෙයට එකඟ නම් හැකිතාක් share කරන්න.

Post a Comment