twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

වීදුරු ඇස්


හීතල හුලඟක් එක්ක වතුර බිංදු කීපයක් මූනට වදිනකොට මම ගැස්සිලා වටපිට බැලුවා. වෙලාවකට මගේ හිතත් කොහේ දුවනවද මන්දා...එලියෙ හොඳටෝම වහිනවා...මම බස් එකේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බර කල්පනාවක...ජනෙල් වීදුරුව වහලා දාල බස් එක ඇතුලට ඇහැ දැම්මෙ කවුරුහරි මගේ දිහා බලන් හිටියොත් පිස්සු කියල හිතයි කියන ලැජ්ජාවත් එක්ක..වැඩි සෙනගක් හිටියෙ නැති බස් එකේ හිටපු දහ පාලොස්  දෙනත් තම තමන්ගෙ ලෝක වල අතරමන් වෙලා. අයට අනිත් මිනිස්සු ගැන වගේ වගක් නෑ.

"....බැහැගන්න..බැහැගන්න....වතුගෙදර රේල් ගේට්...බැහැගන්න........!"

කොන්දගෙ කෑගැහිල්ලට මම ජනේලෙන් එලියට ඇහැ දැම්මාවතුගෙදර රේල් ගේට් එක ලඟ බස් එක නවත්තලාඑක තත්පරයට මගේ මතකය දුවල දුවල දුවල ගිහින් නැවතුනේ අවුරුදු නමයකට ඉස්සර දවසක....!
අද වගේම වැස්ස දවසක......
මේ වගේම ඉර හැංගෙන හැන්දෑවක.......
මේ වගේම ලංගම බස් එකක.....
එකම වෙනස …..

එදා ඔයා මගේ ලඟ හිටියා.......

බස් එකෙන් එලියෙ වහින වැස්ස දිහා බලාගෙන කෙලවරක් නැතුව කල්පනා කරන මගේ මූනටම එබිල ඔයා ඇහුවා.....

"කටේ පිට්ටුද...."

මට එක පාරටම හිනාවක් පැන්නෙ ඔයා ඒක අහපු විදිහට.....එච්චර වෙලා මූනට මවාගෙන හිටපු තරහ මටත් නොදැනීම ඈතට ගියා.  මොකක් හරි පොඩි දේකට අපි දෙන්න රන්ඩු වෙලා මම ඔයත් එක්ක කතා නොකර වැඩිම උනොත් විනාඩියක් ඉන්න ඇති.......ඒත් ඔයාට ඉන්න බෑ....

"මොකද.....කටට මැහුම් දාලද.......අයියෝ පව්.....රිදෙනවත් ඇති......."

මගේ දිහා හොරෙන් බල බල තනියම කියවන ඔයාව දැක්කම මට තවත් තරහ වෙලා ඉන්න බෑ......ඒ බව ඔයා දන්නවා....ඒකයි ඔය එක එක කෝලම් කරන්නෙ......

ටිකක් වෙලා කියවල මම සද්දයක් නැති උනාම ඇස් දෙක වීදුරු බෝල දෙකක් වගේ ලොකු කරගෙන ඔයා මගේ දිහා බලන් හිටියේ දුක හිතිල බව මට තේරුනා. හෙමින් හෙමින් මගේ අතේ ඇඟිලි අතරින් ඔයාගෙ මල් පෙති වගේ ඇඟිලි තදවෙනකොට මම ඔයා දිහා බැලුවා......

"සොරි....."

හෙමීට.......හුඟාක්....හෙමීට.....ඔයා මගේ ඇස් වලටම එබිලා එහෙම කිව්වෙ ඇස් දෙක අඬන්න ඔන්න මෙන්න වගේ බොඳ කරගෙන. බස් එකේ හිටපු කාටවත් නොපෙනෙන්න මම හෙමිහිට දැනෙන නොදැනෙන ගානට පුංචි හාදුවක් ඔයාගෙ නලලට තියන කොට ලොකු කඳුලු බිංදු දෙකක් මගේ පිටි අල්ලට වැටුනා.....

"නාඬ ඉන්න දැන්........" 

මම එහෙම කිව්වම ඔයා එක පාරටම මගේ ඉන වටේ අතක් දාල මාව බදා ගත්තාබස් එකේ හිටපු හැමෝම ඒක දැක්කා. පන්ති යන කොල්ලො කෙල්ලො ටික නම් කට කොනින් හිනා වෙලා අහක බලා ගත්තෙ අපි දෙන්න ගැන දන්න නිසා...ඒත් නොදන්න අය කොච්චර ඉන්නවද.....ඔයාට ගානක් වත් නෑ.

"මැණික.....මුලු බස් එකම බලාගෙන...!"

"ඉතින්....අපිට මොකෝ......ඔයා මගේනෙ."

එහෙම කියල ඔයා තව ටිකක් මට තුරුල් උනා.....

"එහෙනම් මාත් එක්ක රන්ඩු වෙන්නෙ...?"

"රන්ඩුවෙන්නෙද.....?"

"ඔව්....?"

මගේ අතට කම්මුලක් හේත්තු කරගෙන ඇස් උස්සල ඔයා මගේ මූන දිහා බැලුවා.

"......රේ.......!"

"ඒක මරු ආදරේ.......දවසක මම ඇත්තටම තරහ උනොත්...?"

"ඔයාට මගෙත් එක්ක තරහ වෙලා ඉන්න බෑ සුදෝ......."

"ඔව් ඉතින් මට විතරනෙ තරහ වෙලා ඉන්න බැරි."

"මට ඉන්න පුලුවන් කියලද හිතන්නෙ......"

මගේ මූනටම එබිල ඔයා ඇහුවා. එහෙම අපි දෙන්න අපි දිහා බලාගෙන කොච්චර වෙලා හිටියද කියල දෙන්නටම ගානක් නෑ.
මම ආදරේ දැක්කෙ ඔය ඇස් දෙකෙන්.......
මම ආදරේ කරන්න ඉගෙන ගත්තෙ ඔයාගෙන්....
මගේ ජීවිතේ ලස්සන උනේ ඔයාගෙ හිනාවෙන්......
එහෙම හිටපු ඔයා......
අද කොහේ කොහොම ඉන්නවද....
මොනව කරනවද.....
කරදරයක් නැතුව හොඳින් ඉන්නවද කියලවත් මම දන්නෑ......
අපිට අපිව මග ඇරුනෙ කොහොමද....කොහේදිද.....කවදද.....මේ කිසි දේකට උත්තර අද මගේ ලඟ නෑ.... 
අපිට අපි නැතුව ඉන්න බැරි උන අතීතය.......අද බොඳ වෙච්ච මතකයක් විතරක් වෙලා... ඔයා අද  මගේ ලඟින් ගව් ගානක් ඈතට ගිහිල්ලා.... මේ අම්බලන්ගොඩ බස් එකට ගොඩවෙන වාරයක් වාරයක් පාසා පපුවෙ එක පැත්තක් හිර කරනවා....ඒ  ඇයි දන්නවද මැණික......මොකද......මේ අම්බලන්ගොඩ පාරෙ එක අඟලක් නෑර අපේ මතකයන් තියෙනවා
අපි හිනා වෙච්ච හැටි.....
අපි කතා කරපු හැටි.....
අපි රන්ඩු වෙච්ච හැටි......
හැම දේම එකතු කරන් අපි ආදරේ කරපු හැටි...........
මතක් වෙනකොට කෑ ගහල  අඬන්න හිතෙනවා......ඒත්......මම තදකරගෙන ඉන්නවා මැණික...... ලස්සන දවස්  මතක් වෙනකොට ...... දරා ගන්න බැරි තරම් රිදුමක් පපුවට ආවත් ...... මම තාමත් ජීවත් වෙනව ......තව එකම එක පාරක් හරි ඔය වීදුරු ඇස් දෙක දකින්න ලැබෙයි කියන බොලඳ විශ්වාසය හිතේ තියාගෙන මම තාමත් ජීවත් වෙනවා....

මටත් නොදැනිම ඇස් දෙක උඩ මීදුමක් බැඳෙද්දි බස් එකේ රේඩියෝ එකෙන් මර්වින් පෙරේරගෙ කටහඬ ඇහෙන්න ගත්තා.......

මේ...............නගරය මා..ඔබ මුන ගැසුනු නගරයයි.....
මේ...............නගරය මා..ඔබ වෙන් කෙරුනු නගරයයි.....


8 comments:

Red Riding Hood said...

හ්ම්ම්....

සදහටම මා ඔබේ
මිමිණූ ඔබ කොහේ
මා පමණක්ම අද
නතරවී ජීවන මඟේ..

රෙප් මහත්තයා said...

ම්ම්ම්... සුන්දර අතීත මතකයක්..

මේ...............නගරය මා..ඔබ මුන ගැසුනු නගරයයි.....
මේ...............නගරය මා..ඔබ වෙන් කෙරුනු නගරයයි.....

රොබින් said...

අතීතය මතක් වෙනකොට ඇස් වලට කදුලු එනවා ඇත්තමයි ....

හිරුහිමාවී said...

'ඒ හැම දේම එකතු කරන් අපි ආදරේ කරපු හැටි...........
මතක් වෙනකොට කෑ ගහල අඬන්න හිතෙනවා......ඒත්......මම තදකරගෙන ඉන්නවා මැණික...' මේ ටිකට මම මාරම ආසයි!

පණුච්චි said...

ඔහොම මතකයන් ගොඩාරියක් තියෙන... යද්දී යද්දී තැනින් තැනට හුඟාක් දේවල් මතක් වෙන බස් රූට්‌ එකක් පනුච්චිත් දන්නවා. ඒ ජීවිතේ සොඳුරු සැමරුම් නේද....
අදයි ඔන්න මේ පැත්තේ ආවේ... ලස්සන කතාව... :)

ලොකු අයියා said...

අපි හැමෝගෙම ජීවිත වල ඔය වගේ මතකයන් තියෙනවා......සුන්දර වගේම සමහර මතකයන් හරි වේදනාකාරියි.....ආවට ගොඩක් ස්තුතියි.දිගටම එන්න......ජයවේවා....!

නන්ඳු said...

නඟරය තවමත් එතැන..
ඒත්..
අපි..

අතීතාවර්ජනයක දුක් බර ගීතයක්..!

muthu monari said...

Ahamben meka dakala kiyeuwe. Matath tibuna me wagema mekata samana lassana athithayak.. E parawal ekakawath., e eka bus ekakawath ada mama yn na.yanna tharam hithata haiyak na.. Me kathawa danuna godak.lassanayi.

Post a Comment