twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

මල් කැකුලකට ජීවිතය දෙමු


මාස ගානකට පස්සෙ blog එක පැත්තට ආවෙ....ආපු ගමන් ඔයාලට කියන්න යන්නෙ පුංචි මල් කැකුලකට ජීවිතේ දෙන්න කරන වෙනස් විදිහේ සටනක් ගැන......මේක කියවලාම ඉන්නකෝ.....

මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.
ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.