twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

සහෘදයකුගේ නික්මයෑම



ඔබ මහලු වෙන්න ඇති.......

ඒත්
ඔබගේ නිර්මාණ මහලු වෙන්නෙ නෑ....

ඔබ රෝගාතුර වෙන්න ඇති....
ඒත්
ඔබගේ දොස්තර හොඳහිත
මේ රටේ දරුවන් කෝටි ගණනකගේ හිත් සුවපත් කරන්න ඇති

ඔබ අපෙන් සමුගන්න ඇති.....
ඒත්
ඔබගේ නිර්මාණ හැමදාමත් අප ලඟ ඉඳීවි

ඔබේ ආත්මය අපෙන් ඈතට යන්න ඇති.....
ඒත්
ඔබේ මතකය හැමදාමත් අපේ ආත්මය එක්ක රැඳේවි.....

අති විශිෂ්ඨ නිර්මාණකරණයෙන් 
කෝටි සංඛ්‍යාත් දුවා දරුවන් සිනහ ගැන්වූ ඔබ
අද........මුලු රටම හඬවමින් සුව නින්දක....



ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් හිත නෑ...
තව එකම එක වරක් හෝ ඔබේ නිර්මාණයක් 
දකින්න.....
රසවිඳින්න ආසයි.....
මේ සංසාරේ කොතනක හෝ යලි අප හමුවන තුරු
ආදරණීය ටයි මාමේ......
ඔබට සුභ ගමන්.....!!!




3 comments:

sam said...

Dostara hita honda wagema honda punchi ewunwa hina gassapu titus wenuwen me post eka karapu ubata thanks loku ayye

Unknown said...

@sam : ටයිටස් තොටවත්ත කියන කළාකරුවා ගැන මේ වගේ වචන කීපයකින් කියන්න බෑ මචං....අපේ පුංචි කාලෙ ගැන මතක් වෙනකොට ඒ මතකයේ එක කොටසක් තමයි ටයි මමගෙ කාටූන්.....අපෙ ලස්සන ළමා කාලයෙන් වැඩි හරියක අයිතිය තියෙන්නෙ එතුමාට.....

Ocean of Emotions - සිතුවිලි සයුර said...

රටක් වටින මිනිසෙක්...

Post a Comment