twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

.....පවක්.....


අඬද්දී මුලු අහසත්
බොඳවෙද්දි මගේ ඇසුත්
ඔයා හිටියා එදත්
ගලක් කරගෙන ඔය හිතත්

කඳුලු බිඳු නෙත් පුරා
ගලද්දී වෙනතක් බලා
දෙතොල් තදකර වසා
හිනැහුනා ඔබ හිනැහුනා

සොයා අන් ප්‍රේමයක්
මවාගෙන හීනයක්
රකින්නට දියණියක්
වෙලා අද මාලති මලක්

අඬද්දී අද අහසත්
උතුරද්දි ඔය කඳුලුත්
ගලක් කරගෙන හිතත්
ඉන්න බැරි එක පවක්.....!

සහෘදයකුගේ නික්මයෑම



ඔබ මහලු වෙන්න ඇති.......

ඒත්
ඔබගේ නිර්මාණ මහලු වෙන්නෙ නෑ....

ඔබ රෝගාතුර වෙන්න ඇති....
ඒත්
ඔබගේ දොස්තර හොඳහිත
මේ රටේ දරුවන් කෝටි ගණනකගේ හිත් සුවපත් කරන්න ඇති

ඔබ අපෙන් සමුගන්න ඇති.....
ඒත්
ඔබගේ නිර්මාණ හැමදාමත් අප ලඟ ඉඳීවි

ඔබේ ආත්මය අපෙන් ඈතට යන්න ඇති.....
ඒත්
ඔබේ මතකය හැමදාමත් අපේ ආත්මය එක්ක රැඳේවි.....

අති විශිෂ්ඨ නිර්මාණකරණයෙන් 
කෝටි සංඛ්‍යාත් දුවා දරුවන් සිනහ ගැන්වූ ඔබ
අද........මුලු රටම හඬවමින් සුව නින්දක....



ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් හිත නෑ...
තව එකම එක වරක් හෝ ඔබේ නිර්මාණයක් 
දකින්න.....
රසවිඳින්න ආසයි.....
මේ සංසාරේ කොතනක හෝ යලි අප හමුවන තුරු
ආදරණීය ටයි මාමේ......
ඔබට සුභ ගමන්.....!!!




Blog එක පටන් ගත්තෝ......

ආයිබෝං කිව්වා.........හා හා පුරා කියල නමෝ විත්තියෙන් මගේ දෙවෙනි කුලුඳුල් බ්ලොග් අඩවිය පටන් ගන්න යන්නේ.කට්ටිය ඔය සයිබර් අහසෙ ඇවිදින ගමන් අපේ සිතුවිලි පාලමටත් ගොඩවෙලාම යමු හොඳේ.....
ඇවිල්ල බලල හිතට එන දෙයක් කුරුටු ගාලම යන්නකෝ. Blog එක නැගල යන්න හැමෝම උදවු කරාවි කියල මම හිතනවා. 
එහෙනම් ......
ඔන්න අද ඉඳන් මමත් හිතට එන හැම දේම පාලමේ කුරුටු ගානව.....!!!