twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට...!

මල් කැකුලකට ජීවිතය දෙමු


මාස ගානකට පස්සෙ blog එක පැත්තට ආවෙ....ආපු ගමන් ඔයාලට කියන්න යන්නෙ පුංචි මල් කැකුලකට ජීවිතේ දෙන්න කරන වෙනස් විදිහේ සටනක් ගැන......මේක කියවලාම ඉන්නකෝ.....

මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.
ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.

එදා ඉදල ඒ ගැන හොයපු නිලුෂ පසුගිය බ්‍රහස්පතින්දා (29/03/2012) එයාගෙ නිවස රුපියල් ලක්ෂ 4කට උගස් කරල යාලුවන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 2ක් අරගන දුවවත් අරගෙන ඉන්දියාවට ගියා. එහෙදි තමයි දැනගන්න ලැබුනෙ රුවින්දිගෙ අක්මාවෙ තැන් 7කින් ඒ වෙනකොටත් ලේ ‍යන්න පටන් අරගන තිබිල තියෙන්නෙ. එයාට බෙහෙත් කරන ඉන්දියාවෙ Global රෝහලේ Dr.Mohamed Relaමහත්මය ඇතුලු වෙද්‍ය කණ්ඩායම එන්නත් 7ක් විදල තාවකාලිකව ඒ ලේ ගැලීම නවත්වල තිබුන. හැබැයි ඒ සති 3කට විතරයි. ඒ අය කියන විදියට ඒ සති 3 ඇතුලත රුවින්දිට එයාගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි අක්මාවෙන් ගත්ත කොටසක් අරගන බද්ද කරන්න ඕන. එහෙම නැති උනොත් රුවින්දිගෙ ජීවිතය නැතිවෙනව.

මේ සැත්කමට රුපියල් ලක්ෂ 70ක් විතර වියදම් වෙනව. රුපියල් ලක්ෂ 70 ක් කියන්නේ රුවින්දිගෙ තාත්ත නිලුෂට හිතන්නවත් බැරි තරම් ලොකුම ලොකු මුදලක්. අපි හැමෝම එකතු වුනොත් මේ පුංචි සුරංගනාවිය සනීප කරලා ලංකාවට එක්ක එන්න පුළුවන්. ඒත් අපි උදවු නොකොළොත් තව සති 3ක් නැත්නම් මාසයක් යනකොට ඒ පුංචි සුරංගනාවිය අපිව දාල යන්නම යනවා. අපි කාටද පුළුවන් පුංචි කිරිසප්පයෙක් අපිව දාල යනකල් බලන් ඉන්න?
කරුණා කරලා ඔබට පුළුවන් ආධාරයක් කරන්න. ඔබ දෙන පුංච් රුපියල් 10 හරි රුවින්දිට මේ වෙලාවෙ ගොඩක් වටිනව.  පුංචි රුවින්දි සනීප වෙලා හිනාවෙන දවසට අපිට කොයිතරම් නම් සතුටු වෙන්න පුලුවන්ද?
මේ රුවින්දිගෙ තාත්තගෙ දුරකථන අංකය - (+94) 776280952
නිලූෂගෙ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනුත් විස්තර දැන ගන්න පුලුවන් - පූජ්‍ය රන්මුතුවැවේ විජිතවංශ හිමි - (+94) 332255738


මෙතනින් ගිහින් වැඩි විස්තර බලාගන්න පුලුවන්.
මෙතනත් විස්තර තියනව.
Commercial Bank - Waliweriya. 8228000547 ගිණුම් අංකයට පුළුවන් කැමති ආකාරයකින් මුදල් තැන්පත් කරන්න.



මේ ඉන්නෙ රුවින්දි රෙහන්සා
Inline image 1


මේ රුවින්දි අම්මයි තාත්තයි එක්ක


Inline image 2



පහල තියෙන්නෙ වෙද්‍ය වාර්තා
Inline image 1




Inline image 2

Inline image 3

Inline image 4

Inline image 5


Inline image 6




Inline image 7



Inline image 8





Inline image 9




Inline image 10




Inline image 11





Inline image 12







Inline image 13



Inline image 14


වැඩි විස්තර සඳහා  මේ  web link එකට යන්න

මේ facebook page එක https://www.facebook.com/littleruvini


අපි හැමෝම එකතු උනොත් මේ පුංචි පැටියා හිනාවෙන හෙට දවසට අපි හැමෝටම සතුටු වෙන්න 
පුලුවන්..අපි එක ජීවිතයක් හරි බේර ගන්න උදව් උනා කියලා......



ආදරයක් වැඩෙනා මනරම්

මගේ ලොවට ආයෙත් සැරයක්
වසන්තයක් රහසින් ඇවිදින්
රිදෙන තැවෙන හිත සනසවමින්
ආදරයක් වැඩෙනා මනරම්

සමා අවසර

ඉස්සෙල්ලම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...හුඟ දවසකින් පොස්ට් එකක් දැම්මෙ නැතුවට..පහුගිය දවස් වල එක දිගට ආපු ප්‍රශ්න ගොඩාක් හින්ද බ්ලොග් එක පැත්ත පලාතක එන්න බැරිවුනා. හුඟ දවසකට පස්සෙ ඔන්න අද තමයි පාලම පැත්තට අවෙ. ආපු ගමන් ඉස්සෙල්ලම දැක්කෙ "සිත් අහසෙ" ප්‍රාර්ථනා කුරුටු ගාල ගිය ටීකාව....සිංහලෙන් කියනවනම් comment එක. බොහොම ස්තුතියි ප්‍රාර්ථනා..ටිකක් පරක්කු උනාට බ්ලොග් එක  නවත්වන්නෙ නෑ.....දිගටම ලියනවා..
මේ දවස් වල අලුත් පොස්ට් එකක් දාන්න ලෑස්ති වෙනවා..ඒක දානකම් බ්ලොග් එක පාලුවට අරින්නත් බෑනේ...ඒක නිසා බ්ලොග් එකට ලස්සන photo ටිකක් දාන්න හිතුවා......අපි යාලුවො කට්ටිය නුවර එලියෙ ට්‍රිප් එකක් ගිය වෙලාවක ගත්තු photo ටිකක් මේ තියෙන්නෙ. නුවර එලියෙ ලස්සන තැන් මගේ ඇහින් දැකපු විදිහට, මගේ අතින්ගත්තු photo ටිකක්.මම ලොකු Photographer කෙනෙක් නම් නෙමෙයි. ඒත් ඉතින් ආසාවට කරන දේවල් නේ.....




















7 වෙනිදා ගාල්ලෙ Get එකට එනව කියල රෙප් මහත්තයට පොරොන්දු උනාට ඒකට set වෙන්න බැරි උනා...Sorry වෙන්න ඕනා.....කොහොම උනත් වැඩේ  ලස්සනට වෙලා තියෙනවා...කට්ටිය හොඳ එකක් ගන්න ඇති.ඊලඟ පාර අනිවා එනවමයි....God's Promise
එහෙනම්.....අලුත් post එකකින් ලඟදීම හම්බවෙනකම්..සියලුම දෙනාට ජයවේවා.....

.....පවක්.....


අඬද්දී මුලු අහසත්
බොඳවෙද්දි මගේ ඇසුත්
ඔයා හිටියා එදත්
ගලක් කරගෙන ඔය හිතත්

කඳුලු බිඳු නෙත් පුරා
ගලද්දී වෙනතක් බලා
දෙතොල් තදකර වසා
හිනැහුනා ඔබ හිනැහුනා

සොයා අන් ප්‍රේමයක්
මවාගෙන හීනයක්
රකින්නට දියණියක්
වෙලා අද මාලති මලක්

අඬද්දී අද අහසත්
උතුරද්දි ඔය කඳුලුත්
ගලක් කරගෙන හිතත්
ඉන්න බැරි එක පවක්.....!

සහෘදයකුගේ නික්මයෑම



ඔබ මහලු වෙන්න ඇති.......

ඒත්
ඔබගේ නිර්මාණ මහලු වෙන්නෙ නෑ....

ඔබ රෝගාතුර වෙන්න ඇති....
ඒත්
ඔබගේ දොස්තර හොඳහිත
මේ රටේ දරුවන් කෝටි ගණනකගේ හිත් සුවපත් කරන්න ඇති

ඔබ අපෙන් සමුගන්න ඇති.....
ඒත්
ඔබගේ නිර්මාණ හැමදාමත් අප ලඟ ඉඳීවි

ඔබේ ආත්මය අපෙන් ඈතට යන්න ඇති.....
ඒත්
ඔබේ මතකය හැමදාමත් අපේ ආත්මය එක්ක රැඳේවි.....

අති විශිෂ්ඨ නිර්මාණකරණයෙන් 
කෝටි සංඛ්‍යාත් දුවා දරුවන් සිනහ ගැන්වූ ඔබ
අද........මුලු රටම හඬවමින් සුව නින්දක....



ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් හිත නෑ...
තව එකම එක වරක් හෝ ඔබේ නිර්මාණයක් 
දකින්න.....
රසවිඳින්න ආසයි.....
මේ සංසාරේ කොතනක හෝ යලි අප හමුවන තුරු
ආදරණීය ටයි මාමේ......
ඔබට සුභ ගමන්.....!!!




Blog එක පටන් ගත්තෝ......

ආයිබෝං කිව්වා.........හා හා පුරා කියල නමෝ විත්තියෙන් මගේ දෙවෙනි කුලුඳුල් බ්ලොග් අඩවිය පටන් ගන්න යන්නේ.කට්ටිය ඔය සයිබර් අහසෙ ඇවිදින ගමන් අපේ සිතුවිලි පාලමටත් ගොඩවෙලාම යමු හොඳේ.....
ඇවිල්ල බලල හිතට එන දෙයක් කුරුටු ගාලම යන්නකෝ. Blog එක නැගල යන්න හැමෝම උදවු කරාවි කියල මම හිතනවා. 
එහෙනම් ......
ඔන්න අද ඉඳන් මමත් හිතට එන හැම දේම පාලමේ කුරුටු ගානව.....!!!